15 Jan - දෙමළ-හින්දු භක්තිකයින් සමරන තෛපොංගල් දිනය අදයි..

15 Jan - දෙමළ-හින්දු භක්තිකයින් සමරන තෛපොංගල් දිනය අදයි..
දෙමළ-හින්දු භක්තිකයින් හිරු දෙවිඳුන්ට ගෞරවය දක්වන උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබෙනවා.

“අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුතයි.
නෙළාගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පූජා කිරීම, කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම මෙම උත්සවයේ අරමුණයි.
හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ මුල් මාසය, තෛ යනුවෙන් හැඳින්වෙන අතර පොංගල් යන්නෙහි අර්ථය උදාව යන්නයි. ඒ අනුව නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැඳින්වේ
මේ අතර ලෝකවාසී දෙමළ ජනතාව හරසරින් පිළිගන්නා තෛපොංගල් මංගල්යයෙන් අපේක්ෂිත අරමුණ සාධණය කර ගැනීමට නම් ලංකාවාසි සියලු දෙනා එකිනෙකා අවබෝධ කරගන්නා වාතාවරණයක් ඇතිකළ යුතු බව තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා ආකල්පමය මෙන්ම ක්රියාවෙන්ද යථාර්ථයක් බවට පත් කරගැනීමට පියවර ගතයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මේ අතර සියලු ජාතීන්ට එකමුතුව සහයෝගයෙන් ජීවත්විය හැකි සාමකාමී රටක් ලෙස සියලු දෙනා හට සුහදත්වය සහ අනෝන්ය අවබෝධය උදාකරගත හැකි සුවිශේෂී අවස්ථාවක් තෛපොංගල් උත්සවයෙන් ලැබෙන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කෘෂිකර්මය හා බැඳුණු තෛපොංගල් උත්සවය දිනයේදී සහලින් ස්වයංපෝෂිත කිරිමේ රජයේ ඉලක්ක සපුරා ගැනීමට සියලුදෙනා අධිෂ්ඨාන කරගත යුතු බව අග්රාමාත්යවරයා සිය තෛපොංගල් දින පණිවිඩයෙන් පවසයි.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by