නීතිය දොර පාමුල.. රාජිත බයෙන් තක්බීර් වේ.. අත්අඩංගුවට නොගන්නැයි බිම දිගා වී වැද වැටේ..

තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස රහස් පොලිසියට නියෝග කරන්නැයි හිටපු ඇමැති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

ඔහුගේ නීතීඥයන් විසින් ගොනු කර ඇති එම ඇප අයැදුම්පත මගින් වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසිය අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිස නම් කර ඇත.

ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එනිසා තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින්නැයි නියෝගයක් නිකුත් කරන්නැයි ද සේනාරත්න මහතා අධිකරණයෙන් ඉල්ලයි.

ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර රාජිත සේනාරත්න මහතා විසින් ගෙන ආ පුද්ගලයන් දෙදෙනෙකු විසින් ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

එක් අයෙකු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි දී මිනිසුන් සුදුවෑන්වලින් පැහැරගෙන ගොස් මරා දමා කිඹුලන්ට කන්න දැමූ බවයි. තමන් එක් සුදුවෑන් රථයක රියැදුරකු බවද ඔහු එක් අයෙකු පැවසීය.

ප්‍රභාකරන්ගේ රත‍්‍රන් හා මුදල් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කොළඹ ගෙන ආවේ තමන් විසින් යයි අනෙක් පුද්ගලයා පැවසීය.

කෙසේ නමුත් අත්අඩංගුවට පත්වූ පසු ඔවුන් විසින් හෙළිකර ඇත්තේ තමන් විසින් ප්‍රකාශ කරන ලද්දේ සම්පූර්ණ අසත්‍ය බවත් එම සියලු කරුණු රාජිත සේනාරත්න මහතා විසින් කොලයක ලියා දෙන ලද ඒවා බවත් ය.

ඒ සඳහා ලක්ෂ 20ක මුදලක් ඇතුළු තවත් වරප්‍රසාද ගණනාවක් ලබා දුන් බවද ඔවුන් සඳහන් කර ඇත.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by