10 Dec - සමන් දේව ප්‍රතිමාව අද සිරිපා මළුවට.. ශ්‍රී පාද සමය හෙට ආරම්භයි..


මෙවර ශ්‍රී පාද සමය ආරම්භ කරමින් සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ ශ්‍රී පාද උඩමළුව වෙත වැඩම කරවීම අද(10 Dec) සිදු කරයි.

ඒ අනුව ඊයේ (09 Dec) පස්වරුවේ සිට අද අළුයම දක්වා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව සඳහා පුදපූජා පැවැත්වීමේ අවස්ථාව බැතිමතුන්ට හිමි වෙයි.

පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ අද අළුයම පෙරහර ආරම්භ කෙරෙන අතර එය පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, දෙහිඹ්විට, කරවනැල්ල, හැටන් මස්කෙළිය ඔස්සේ නල්ලතන්නිය දක්වා ගමන් කිරීමට නියමිතයි. මීට අමතරව දේවාභරණ වැඩම කරවීම ද අද සිදුකෙරෙයි.

උඳුවප් පොහොය හෙට (11 Dec) දිනට යෙදී ඇති අතර ඒ සමඟම ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කෙරෙනු ඇති.

මාස 06 ක කාලයක් ශ්‍රී පාද වන්දනා සමය ලෙස සැළකෙන අතර එය එළඹෙන වෙසක් පුරපසළොස්වක පෝය (May 2020) දිනයෙන් අවසන් වීමට නියමිතයි.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by