09 Dec - අද අභිමානවත් 69 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාවට දේශයේ උත්තමාචාරය..

09 Dec - අද අභිමානවත් 69 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාවට දේශයේ උත්තමාචාරය..

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙසින් 1937 වසරේ දී පළමුව ස්ථාපිත කරන ලද නාවික හමුදාව, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රාජකීය ස්වේච්ඡා නාවික උපසේවය නමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත අන්තර්ග්‍රහනය කර ගෙන ඇත.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබීමෙන් පසුව, රට වට බැඳි රන් පවුරක් තේමාවෙන් සිලෝන් රෝයල් නේවී පිහිටවූයේ 1950 දෙසැම්බර් 9 වැනිදා ය. මෙම රාජකීය නාවික හමුදාව 1972 වසරේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත්විය.

ඉතා සීමිත නැව් මුළුවක් සහ යාත්‍රා කිහිපයකින් පමණක් ආරම්භ වූ ශ්‍රී ලංකා නවික හමුදාව, අද වන විට නිලධාරීන් 3347 කින් සහ නාවිකයින් 47457 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විතව අධිතාක්‍ෂණික ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා මෙන්ම අධිතාක්‍ෂණික මෙහෙයුම් පද්ධති සහ උපකරණවලින් සමන්විත වේ.

සතුරු ආක්‍රමණවලදී සයුරේ අණසක පතුරවමින් ලංකාද්වීපය රැක ගැනීමට නාවික සෙබළුන් කළ මෙහෙවර ඉතිහාසයේ ලියැවී ඇත්තේ රන් අකුරින් ය.

දශක තුනකට ආසන්න කාලයක් මාතෘ‍භූමිය වෙලාගත් කුරිරු ත්‍රස්තවාදය මව්බිමෙන් මුලිනුපුටා දැමීම සඳහා දියත් කළ මානූෂීය මෙහෙයුමේදී නාවික හමුදාව ඉටුකළ අමිල මෙහෙවර මෙරට ජන හදවත් තුළින් කිසිදා මැකී නොයනු ඇති.

සිවිල් සමාජය නීතිගරුක කිරීම වෙනුවෙන් වර්තමානයේ නාවික හමුදාවෙන් ඉටුවන්නේ අද්විතීය මෙහෙවරකි. තවද, රටේ ප්‍රධාන වරායන්ද ඇතුලුව දිවයින වටා වෙරල තීරයේ ආරක්‍ෂාව සම්බන්ධ වගකීම ද නාවික හමුදාව සතුවෙයි.
වර්ග කිලෝමීටර 65 610 ක භූමි ප්‍රමාණයක මුහුදු සැතපුම් 200 ක් පුරා නාවික හමුදා අණසක පැතිරී ඇත්තේ, මිලියන 20 කට අධික ජීවිත සුරක්ෂිත කිරීමේ ඒකායන පරමාර්ථයෙන් ය.

දේශීය මෙන්ම කලාපීය සාගර අවකාශය තුළින් මතුවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි යුදමය ශක්තියකින් පරිපූර්ණ ශ්‍රී ලංකා නාවික හමුදාව අද සිය 69 වැනි සංවත්සරය සමරන්නේ මහත් අභිමානයෙන් ය.

ඔවුන්ට අපගේ ද උත්තමාචාරය.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by