06 Dec - විපක්‍ෂ නායක ධුරය සජිත්ට දෙයි..

විපක්‍ෂ නායක ධුරය සජිත්ට දෙයි

මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේ දී විපක්ෂ නායකධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ..

ඒ ඊයේ (05 Dec) පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදී මෙම තීන්දුව ගෙන ඇත. පස්වරු 03.00ට මෙම සාකච්ඡාව ආරම්භ විය.

විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුව හා එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ජා කර තිබේ. පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දුවක් ගැනීමටද තීරණය කර ඇත.

ඒ අනුව මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා එජාපයේ අගමැති අපේක්‍ෂකයා ලෙස තරග වැදීමට වැඩි ඉඩක් ඇති අතර ඔහුගේ ප‍්‍රතිවාදියා වන්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතායි.

මහින්ද රාජපක්‍ෂ මහතා අද මෙරට සිටින අතිශය ජනප‍්‍රියතම සජීවී දේශපාලන සන්නාමය සේ සැලකේ.

සාකච්ඡා අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසා සිටියේ, සතියක් තුළ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු හා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවයි.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by