06 Dec- කුළුබඩු වර්ග කිහිපයක් ආනයනය සහ නැවත අපනයනය තහනම් කරමින් මුදල් අමාත්යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත..

06 Dec - කුළුබඩු වර්ග කිහිපයක් ආනයනය සහ නැවත අපනයනය තහනම් කරමින් මුදල් අමාත්යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත..

ඒ අනුව ගම්මිරිස් , කරුංකා , සියඹලා, කුරුඳු, සාදික්කා, වසාවාසි, ඉඟුරු, කරඳමුංගු, කහ සහ කරාඹුනැටි ඇතුළු මෙරට නිෂ්පාදනය කරන සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය කිරීම සහ නැවත අපනයනය කිරීම තහනම් කරමින් , මුදල් අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනය මගින් ඍජු ප්‍රතිඅපනයන සහ සුළු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් කුලු බඩු ආනයනය ද තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දේශීය වශයෙන් එම වගාවන් ප්‍රවර්ධනය කිරීම සහ ගොවීන්ට සහන සැලසීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

සුළු අපනයන බෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම හා දිරිමත් කිරීම මෙහි අරමුණයි.

මේ අතර ආනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි ප්‍රකාරව නිකුත් කර ඇති තවත් ගැසට් නිවේදනයක් මගින් ගුණාත්මකබවින් ඉහළ හා තරගකාරි ගෘහ කර්මාන්ත වන , වෙසක් කූඩු , සරුංගල් සහ හඳුන්කූරූ ආනයනය නියාමනය කිරීමට පියවර ගෙන ඇති බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව , කසල පිරිසැකසුම් සහ ප්‍රතිචක්‍රීකරණයට අදාළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා ද අවසර හිමි නොවේ. එමගින් දේශීය ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ අමුද්‍රව්‍ය සමග, තත්ත්වයෙන් පහළ ආනයන ද්‍රව්‍ය කවලම් කර ප්‍රතිඅපනයන කිරීම වැළකෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by