05 Dec - තෙදින සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ අමාත්‍යවරයා දිවයිනට...

05 Dec - තෙදින සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ අමාත්‍යවරයා දිවයිනට...

තෙදින නිල සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ශහීඩ් ඊයේ රාත්‍රියේ (04.12.2019) දිවයිනට පැමිණ තිබේ. ඔහු ලබන 7 වැනි දා දක්වා මෙරට රැඳී සිටිනු ඇති.

මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා සහීඩ් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රී 11ට පමණ යූ.එල් 104 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය.
විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යවරයා පිළිගනු ලැබූවේ දකුණු ආසියානු හා සාක් කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල් අරුණි රණරාජා මහත්මිය විසින්. ශ්‍රි ලංකාවේ මාලදිවයින තානාපතිවරයාද එම අවස්ථාවට එක්ව සිටියේය.

මාලදිවයින් විදේශ අමාත්‍යවරයා අද (05.12.2019) විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිතව ඇත. ඔහු සිය සංචාරය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන් ම මෙරට ඉහළපෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට නියමිතයි.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by