‘සී හැඩය ගන්නා ආර්ථික කොරිඩෝ නවයක් හදනවා..’- ජනපති

හම්බන්තොට වරාය, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ හා වාණිජ අගනුවර වන කොළඹ සම්බන්ධ කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවසන් අදියර වන පාලටුව සිට බරවාකුඹුක දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් (23) ජනතා අයිතියට පත් කෙරිණ.

ගොඩගම පාලටුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසළදී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු පිරිස පාලටුව සිට දක්ෂිණ අධිවේගය ඔස්සේ බරවාකුඹුක දක්වා ගමන් කළහ.

එහිදී පසු කෙරුණු සියලු පිවිසුම් මාර්ග අසළ රැදී සිටි ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාරයක් පළ විය.

විවෘත කෙරුණු පාලටුව සිට බරවාකුඹුක දක්වා කොටසේ දිග කි.මි 58ක් වන අතර වැය වූ මුදල රුපියල් බිලියන 169කි.

පාලටුව සිට හම්බන්තොට දක්වා දුර කි.මි 96 කි. අදියර 04 ක් යටතේ මාතර- බෙලිඅත්ත , බෙලිඅත්ත – බරවකුඹුක, බරවකුඹුක – අන්දරවැව හා අන්දරවැව – මත්තල කොටස් ඉදිකෙරිණ. ඊට වැය වූ මුදල රුපියල් බිලියන 225කි.

කොළඹ සිට කි.මි 222 ක් වන මෙරට ඉදිකෙරුණු දීර්ඝම අධිවේගී මාර්ගය මෙයයි. නව කොටස රථ වාහන ධාවනයට එක්වීමෙන් කොළඹ සිට කතරගමට පැය තුන හමාරකදී ළගා විය හැකිය.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ දැනට භාවිත මාතර ගොඩගම පිවිසුම මින් ඉදිරියට භාවිත නොකෙරෙන අතර පාලටුව නව පිවිසුම ඊට එක් වෙයි. මාතර සිට හම්බන්තොට දක්වා කොටස අපරැක්ක, බෙලිඅත්ත, කසාගල, අගුණු කොළ පැලැස්ස, බරවාකුඹුක සහ සූරියවැව යන අන්තර් හුවමාරු 06 කින් සමන්විත වේ.

බරවකුඹුක පිටවීම ස්ථානයේ පැවති ප්‍රධාන ජන හමුව අමතමින් පසුගිය ආණ්ඩුව අත්හැර දැමූ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය යළි ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. අධිවේගි මාර්ග ඉදිකරනවා මෙන්ම ඒවායෙහි නිදහසේ ගමන් කළ හැකි අයුරින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by