රටම හොල්ලන 2013 ‘එයාබස්’

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

එයාර් බස් සමාගම විසින් අල්ලස් දී ගුවන් යානා ඇණවුම් ලබා ගැනීම පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ඒකාබද්ධව කළ විර්මශනයේ ප්‍රතිඵලයක් ලෙස එයාර් බස් සමාගමට එරෙහිව එක්සත් රාජධානියේ නඩු පැවරුවා. ඒ නඩුවේ දී ඩොලර් බිලියන 4ක් දඩයක් ලෙස ගෙවලා නඩුව සමථයකට පත් කර ගන්න දෙපාර්ශවය එකඟ වෙලා. එය ලංකාවෙ සල්ලි වලින් ගත්තොත් ට්‍රිලියනයකටත් කිට්ටු මුදලක්.

ඒ සමථයේ දී 2011 සහ 2015 අතර කාලයේ දී ගුවන් යානා විකුණා ගන්න ශ්‍රී ලංකාව, මැලේසියාව, තායිවානය, ඉන්දුනීසියාව සහ ඝානා යන රටවල අයට තමන් අල්ලස් දුන් බව පිලි අරන්. ඒක පිලි අරන් ඩොලර් බිලියන 4ක දඩයක් ගෙවන එක සමාගමට වාසියි. මොකද විමර්ශන ඉදිරියට ගියා නම් තවත් රටවල් ගණනාවක අල්ලස් ගෙවීම් හෙලි වෙන්න තිබුණු නිසා.

වාර්තා වන ආකාරයට මෙම අල්ලස අරගෙන තිබෙන්නේ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් හි ප්‍රධාන නිලධාරියෙකුගේ බිරිඳක්. ඇත්තෙන්ම දේශපාලකයින්ගේ දූෂණ පිළිබඳ සමාජයේ කතිකාවතක් තිබුණත් නිලධාරින්ගේ දූෂණ පිළිබඳ කතිකාවතක් නෑ. ඒකට හේතුවෙලා තියෙන්නේ දේශපාලකයන්ට විරුද්ධ පක්ෂයක් තිබුනත් නිලධාරීන්ට එහෙම විරුද්ධ පක්ෂයක් නොමැතිවීමයි.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by