ශ‍්‍රී ලංකාවෙන් පලමු කොරෝනා රෝගියා හමුවේ.. ඇය ඇසුරු කල අය, ගිය තැන් ගැන වහා විමර්ශණ.. එක් අයෙකුගෙන් 16කට බෝවිය හැකියි

නව කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයෙකු පළමු වතාවට ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබේ.

වයස අවුරුදු හතළිස් දෙකක් වූ චීනයේ වූහන් පළාතේ සිට පැමිණි චීන ජාතික කාන්තාවකට මෙම වෛරසය ආසාදන වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

එම රෝගියාට මේ වන විට කොළඹ උණ රෝහලේ ප්‍රතිකාර කටයුතු කරමින් සිටින අතර රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සියලු කටයුතු ගනිමින් පවතී.

එම කාන්තාව පසුගිය දිනවල ආශ්‍රය කළ පුද්ගලයන් සහ සංචාරය කල ප්‍රදේශ සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අංශ විසින් අවධානය යොමු කර ඇත.

මේ අතර චීනය වූහන් ප්‍රදේශායෙර් ප්‍රතිකාර කටයුතුවල යෙදී යෙදී සිටින හෙදියක විසින් සමාජ ජාල වෙත වීඩියෝවක්ද නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම වෛරසය වැළඳුණු එක් රෝගියෙකුගෙන් තවත් පුද්ගලයන් 16 දෙනෙකුට පමණ වෛරසය ආසාදන විය හැකි බවයි.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by